Google සමාගමේ පසුගය වකවානුවේ
සිට වර්තමානය දක්වා සීඝ්‍රෙයන් විවිධාකාර සමාගම් මිලට ගැනීමේ නියැලී සිටින බව
කවුරැත් දන්නා රහසකි.මේ දින වල එවුන් යොමු වී සිටින්නේ AI (Artificial Intelligence) හෙවත් කෘතිම
බුද්ධි උපක්‍රම වැඩසටහන් නිපදවන සමාගම් මිලට ගැනීමයි.
ජනවාරි මාසයේදී Google සමාගම “Deep Mind” නම් වූ AI නිෂ්පාදන සමාගම මිලට ගත්
අතර 2013 දී හඳුන්වාදුන් Google Hummingbird
Search server එකට එය හරහා Search කරනු ලබන වචන වල අර්ථය මිනිස් මොලයක් ලෙස
තේරැම් ගැනීමේ හැකියාව ලබා දීඇත.
Google හා Apple සමාගම්වලට තමන්ටම ආවේනික වූ AI වර්ගයේ Personal Assistant වැඩසටහන් ඇති
නමුත් Google සමාගම සිය AI වැඩසටහන් තවත් දියුණු කිරීමට උත්සාහ දරණ බය නම් මනාව පැහැදිලිය.මෙම අදහස
තවත් තහවුරැ වන්නේ පසුගිය දා Google සමාගම සිය සුප්‍රකට AI වැඩසටහනක් වන EMU මිලට ගත් නිසාවෙනි. EMU හි ක්‍රියාකාරීත්වය බොහෝදුරට Google Now වලට සමාන වන අතර
එයට දුරකථනය භාවිතා කරන්නා මීලඟට සිදු කරන්නේ කුමක්දැයි අනුමාන කළ හැකිය. EMU මෙය සිදුකරන්නේ පරිශීලක
යාගේ දෛනික ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමෙනි.
EMU හි විශේහත්වය වන්නේ ප්‍රථමික
පරිහීලකයන්ගේ Conversation හා SMS පිළිබඳව අවඳානයෙන් සිට
එහි ඇති කරැණු සැලකිල්ලට ගෙන ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවයි. Google සමාගම EMU මිලට ගැනීමත් සමඟ එය අගෝස්තු 25 වන දින සිට විසන්ධි වන බව Google සමාගම නිල වහයෙන් ප්‍රකාෂ කර ඇත.මෙය වත්මන් EMU පරිශීලකයන්ට නම් තරමක ගැටලුකාරී තත්වයක් වුවද EMU හි තාක්ෂණය භාවිතා කොට වඩාත් ඉහළ නිපැයුමක්
කිරීමට Google සමාගම උත්සාහ
දරණ බව නම් කාටත් මනාව පැහැදිලි වේ.